මේ සටහන ලියන්න අවශ්‍ය පසුබිම ඇති උනේ පසුගිය 27වැනිදා රත්‍රියේදී. නමුත් බුකියට ඇතුල් උන ගමන්ම ඇස ගැසුනේ හුදාගේ හදිසි සමුගැනීම ගැන. ඒ නිසා මට සිදු උනා දින දෙකක් ප්‍රමාද කරන්න.

බොහෝ කාලයකට පසු ලැබුන අවස්තාව ප්‍රයෝජනයට ගනිමින් අපේ සුපුරුදු රෑ කඩෙන් ඉඳිආප්ප කන්න හිතාගෙන රෑ කඩේට ගියා. මම රෑ කඩේ ලඟ කාර් එක නවත්තනකොට එතන හිටිය මම නොදන්නා තරුන ගැටව් හතර පස් දෙනෙක්, කට්ටිය බීල හිටියෙත් නෑ මලක් කරගෙන හිටියෙත් නෑ, මොන එහෙකට මුං රෑ වෙනකම් ටවුමෙ හිටියද මංදා, අපේ කාලෙනම් අපි එහෙමද ? කඩේට ඇතුල් වෙනකොටම රෑ කඩේ නිමල් අය්ය කිව්ව මල්ලියො අද කලින්ම කෑම ඉවර උනා කියල. මට කෑම නැති එක ගැනනම් දුකක් දැනුනෙ නෑ නමුත් වෙලා තියෙන විපරියාසෙ ගැනනම් දුකක් දැනුන.
අපේ ගැටවර වියේදී ඒ කියන්නෙ 70 මැද බාගයේ ඉඳල රෑ කඩේ හොඳම වෙලාව පටන් ගන්නෙ ර 11.00 ඉඳල පාන්දර 2.00 විතර වෙන කාලය. ඒ කාලයේ ගම්පහ නගරයේ විවිද ස්තානවල තරුනයො හවසට මුනගැසෙනව, එම ස්ථාන වලවල් කියල තමා නම්කෙරුවෙ. අරුණ ස්ටුඩියෝ වල, නෙස්ට් එකේ වල, සලාලා වල, නිව් රූපී වල, ගම්පහ හෝටලේ වල, කරවල කඩේ වල, බුලත් කඩේ වල, ජා ඇල හෝටලේ වල, ලයිම් කඩේ සුනිල් අය්යගෙ වල, රෙස්ට් හවුසියෙ මැන්ගුස් ගහ යට වල, මාර්කට් එකේ වලංකඩේ වල, යූ සී වල ( මලක් කරගන්න ඕනෙ අය යන්නෙ යූ සී වලට ) වලවල්ම කීයක්ද, කොල්ලො කොපමනක්ද, මේ හැම වලකම හැම කොල්ලෙක්ම හමුවන තැන තමා ගම්පහ නිමල් අය්යගෙ රෑ කඩේ.
ඒ කාලයේ මේ රෑ කඩේ තිබුනේ ගම්පහ ස්ටේෂම ලඟ ගාඩර් එක අසල. කඩේ ඇතුලෙ 5ස් දෙනෙකුට වත් කැම කන්න ඉඩ තිබුනෙ නෑ, නමුත් රෑ 11, 12, වෙනකොට මෙතනට එකතු වෙනව 30 ක් 40 ක්. නමුත් මේ සියලු දෙනාටම නිමල් අය්යගෙ සේවක මන්ඩලය කිසි ප්‍රමාදයකින් තොරව සංග්‍රහ කරනව, මෙතන තිබුන රේල් පීලිවලින් හදපු වැටක්, මේ වැට උඩ ඉඳගෙන තමා හැමෝම කෑම කන්නෙ. කිසිම උස් පහත් බවක් නෑ නගරයෙ ඉහලම ලොකුම ව්‍යාපරිකයගෙ ඉඳල පහලම පුද්ගලයත් මේ රේල් පීලි උඩ ඉඳගෙන තමා කෑම කෑවෙ. මේ හැමෝම ගෙදර කෑම නැතිව මෙතෙන්ට ආව නොවෙයි, නමුත් නිමල් අය්යගෙ කිරි මාළු හොද්දටයි ඉඳි ආප්ප 20ටයි පුදුම ඇබ්බැහි වීමක් තමා තිබුනෙ. ඒ රස මට තවමත් දැනෙනවා. නමුත් දැන්නම් මේ කාලෙ ඉඳි ආප්ප 40 ක් වත් කන්න වෙයි ඒ කාලෙ ඉඳිආප්ප 20ට හරියන්න. ඒ දිනවල අපි අතර හිටි මිතුරන් අතරින් කීප දෙනෙකුට පමනයි ඉඳිආප්ප 20ට වැඩියෙන් කෑවෙ, රවිය (හාල ) මගෙලෙගොඩ තිස්ස, මංජුල (බුරම්පිය ) ඉඳිආප්ප 30ක් විතර කාල පාන් 1/2 කුත් කනව. අතේ සතේ නැති උනත් හිත පුරා බඩ පුරා කෑම කන්න අවශ්‍ය ක්‍රෙඩිට් පහසුකම් නිමල් අය්යගෙන් කිසිම ප්‍රශ්න කිරීමකින් තොරව ලැබුන,
සමහර වෙලාවට මේ තරුන ගැටවුන්ගේ ආක්‍රමනශීලී හැසිරීම් නිසා සමහරෙකුට සිදූ උනා රත්‍රිය ගම්පහ පොලීසියෙ ගත කරන්න, එහෙම උන වෙලාවට එයාගෙ කෑම එක පොලීසියට යවන්න නිමල් අය්ය පසුබට උනේ නෑ. ඒ එදා.
අද !!!!! රෑ 11.30 වෙනකොට කෑමත් නෑ කොල්ලොත් නෑ ගම්පහ නගරයම පාලු සොහොනක් වගේ. නිමල් අය්යටත් දැන් ඉස්සර වගේ බිස්නස් නෑ, සනීපත් නෑ, 11.30 වෙනකොට එයාත් නිදිකිරා වැටෙනව,
එහෙම උනත් නිමල් අය්ය මාත් එක්ක පරන සෙට් එකේ යාලුවො ගැන ඇහැව්ව, පරණ කතා මතක් කලා, කලු ධම්මික අර්ජුනයව රෑ කඩේ ඇතුලෙ දාගෙන ගහපු හැටි මතක් කලා, ඒ කාලෙ හිටිය ජාතියෙ සෙට් දැන් නෑ කියල තමා අන්තිමට කිව්වෙ. මම අන්තිමට නිමල් අය්යට පොරොන්දුවක් දුන්න මම රෑ කඩේ ගැන ලිපියක් ලියන්නම් කියල, එයා ඒ ගැන බොහොම සතුටු උනා , එයා හිතන් ඉන්නෙ මම පත්තරේට ලියනව කියල, නමුත් මට එයාව ඒ මුලාවෙ තියන්න බෑ ඒක නිසා මම වෙලාවක ලැප් එකත් අරගෙන පරන යාලුවො දෙතුන් දෙනෙකුත් සමග කඩේට ගිහිල්ල බුකියෙ දාපු මගේ ලිපියත් පෙන්නල කිරිමාළුයි ඉඳිආප්පයි කාල එන්න යන්න ඕනෙ.
මතකය අවදි කළේ ගම්පහ තිස්ස ගුණවර්ධන
Good Luck Tissa Ayya !
ReplyDeleteජය වේවා. ඉදිරිය දෙස බලමි..
ReplyDeletePatta...lassanata liyala.. all the best
ReplyDeleteනියමයි නියමයි
ReplyDeleteපිළිකුත්තුව ගැන ෆුල් ස්ටොරියක් ඕනා හොඳේ
තිස්ස ලියමු නේද පිළිකුත්තුව ගැනත්...
Deleteඉඳිආප්ප 30 යි පාන් 1/2 යි! නරකම නෑ. ඒත් ඔයිට වඩා පුලුවං උනුත් නැත්තෙ නෑ.
ReplyDeleteඔව් ඔව් ඔයිට වඩා කන අයත් ඉන්නවා
Deleteලියන්නම්කො
Deleteනියම ප්ලේස් එකක් වගේ නලින් අය්ය...
ReplyDeleteඔන්න දිගටම විභීෂණ ත් ගම්පහ බ්ලොගට සැට් වෙනවා...
මේක තිස්ස අයියා වෙනුවෙන් හැදුවේ ඔන්න අද ඇඩ්මින් කම එයාට භාර කළා මං
Deleteරෑ කඩේ නිමල් අයියා එහෙනම් බ්ලොග් පෝස්ට් එකක.....
ReplyDeleteයාළුවා උනත් නිමල් අයියාගේ රෑ කඩේ පිරිසුදු කම ගැනනං එච්චර හොදක් කියනන බෑ...
සුබ පැතුම්....!!!
ReplyDeleteඅපටත් තිබුණා “ආපනේ වල “ (රත්නපුර සමුපකාර ආපන ශාලාව) එතනදි තමයි හැමෝම සෙට්වෙන්නෙ. කාපු දෙයක්නම් නෑ එහෙමකට...1.75 ට ගෝල්ඩ් ලීෆ් බිව්වනම් මතකයි.
My Mother's home town ( Ja-Ela Hotel)
ReplyDelete