මේ සටහන ලියන්න අවශ්‍ය පසුබිම ඇති උනේ පසුගිය 27වැනිදා රත්‍රියේදී. නමුත් බුකියට ඇතුල් උන ගමන්ම ඇස ගැසුනේ හුදාගේ හදිසි සමුගැනීම ගැන. ඒ නිසා මට සිදු උනා දින දෙකක් ප්‍රමාද කරන්න.

බොහෝ කාලයකට පසු ලැබුන අවස්තාව ප්‍රයෝජනයට ගනිමින් අපේ සුපුරුදු රෑ කඩෙන් ඉඳිආප්ප කන්න හිතාගෙන රෑ කඩේට ගියා. මම රෑ කඩේ ලඟ කාර් එක නවත්තනකොට එතන හිටිය මම නොදන්නා තරුන ගැටව් හතර පස් දෙනෙක්, කට්ටිය බීල හිටියෙත් නෑ මලක් කරගෙන හිටියෙත් නෑ, මොන එහෙකට මුං රෑ වෙනකම් ටවුමෙ හිටියද මංදා, අපේ කාලෙනම් අපි එහෙමද ? කඩේට ඇතුල් වෙනකොටම රෑ කඩේ නිමල් අය්ය කිව්ව මල්ලියො අද කලින්ම කෑම ඉවර උනා කියල. මට කෑම නැති එක ගැනනම් දුකක් දැනුනෙ නෑ නමුත් වෙලා තියෙන විපරියාසෙ ගැනනම් දුකක් දැනුන.